Thursday, August 13, 2015

වෙනස


අද 13 වෙනිදාවක් .. බ්‍රහස්පතින්දාවක්..
ඔව්. එදත් 13 වෙනිදාවක්.. බ්‍රහස්පතින්දාවක්...
.
.
.
ජිවිතේ හිතන තරම් ලේසි නෑ අමන්දා..
හ්ම්ම්.. ඔයා හිතන තරම්ද මං හිතන තරම් ද?
අපි හිතන තරම්..
අපි? අපි හිතන්නේ දෙවිදියකට කියල ඔයාම නේද දැන් ටිකකට කලින් කියුවේ සඳු..
එත් අපි ජිවිතේ ගැන හිතන්නේ එක විදියකට.
එතකොට අපි දෙවිදියකට හිතන්නේ මොනවා ගැනද සඳු?
ජිවත් වෙන විදිය ගැන..
දෙයියනේ ජිවිතේ කියන්නේ ජිවත් වෙනවට නෙවෙයිද?
නෑ. මං හිතන විදියට ඒ දෙකක්..

************************

ඔයාට ආදරේ කරලා මං කරේ වරදක්ද අමන්දා?
ඔව් කියුවොත්, ඒ කියන්නේ ඒ වරදම මාත් කරා කියනේකද?
නෑ.. ඔයා මට ආදරේ කරා කියල හිතෙන එකත් සතුටක්..
එතකොට ඒ සතුටවත් මට හිමි නැද්ද සඳු?
ඔය මං කියුවේ.. එකම දේ ගැන අපි දෙන්නා හිතන්නේ දෙවිදියකට..
මට මතකයි ඔයා දවසක් කියනවා..ඔයා ආදරේ කරන්නේ මං හිතන විදියට කියලා..

************************

අද දිනේ කවදද අමන්දා?
බ්‍රහස්පතින්දා..
මං ඇහුවේ දිනේ ළමයෝ..
13..
13 නපුරු අංකයක්ලු නේද?
අංක නපුරු නෑ සඳු.. අංක ගණින මිනිස්සු විතරයි නපුරු..
මුළු ලෝකෙම කියනවා 13 නපුරු ලු. ඔය කියනවා එහෙම කියන මිනිස්සු නපුරුලු.
මං හිතන්නේ වෙනස් විදියකට කියල ඔයා දැන් පොඩ්ඩකට කලිනුත් කියුවනේ සඳු..

***********************

මගේ තීරණේ ගැන ඔයා මාත් එක්ක තරහද අමන්දා?
මං දැනන් උන්නේ ආදරේ කරන්න විතරයි සඳු..
මං ඇහුවේ වෙන ප්‍රශ්ණයක්..
මං දන්නේ ඔය උත්තරේ විතරයි මහත්තයෝ..
ඔයා මට ආදරේනම් මේ තීරණේට විරුද්ද වෙන්නේ නෑ අමන්දා.
ආදරේනම්?
නෑ.. මං දන්නවා ආදරේ බව..
එහෙනම් මුල් ප්‍රශ්නෙට උත්තරෙත් දන්නවා නේද සඳු?
ඔයා ඒ උත්තරේ දුන්නෙත් වෙනස් විදියකට.

***********************

ඒ ඔයා ආදරේ කරේ ඒ වෙනසට නිසයි මහත්තයෝ..
.
.
.
අදත් 13 වෙනිදාවක්.. බ්‍රහස්පතින්දාවක්..

ඒත්.. එදාට වඩා වෙනස්..







3 comments:

  1. වෙනසකට ආදරේ කරන එකත් වෙනසක් තමයි!

    ReplyDelete
  2. දැන් ලියන්නේ නැත්තේ ඇයි?

    ReplyDelete
  3. දැන් ලියන්නේ නැත්තේ ඇයි?

    ReplyDelete