Wednesday, November 22, 2017

ඉතින් අවසරයි!


මහා වැලි මහ ඉවුරේ
හන්තාන හෙවනැල්ල
ඉඟිමරා මට කියූ
මහා බර ඒ රහස..

ඇස් පනාපිට මෙදා
එළිමහනෙ එළිපිටම
තවත් හිත රවටන්න
හිත හිතා පෑරෙන්න..

ඔබේ හිත නොරිදෙන්න
මගේ හිත හංගන්න
මුළු ලොවට නොදැනෙන්න
අවසරයි සමුගන්න.. 

- මං ඔබේ කවිකාරී